බස් ගැමුණුයි ඔබයි මමයි

රාජගිරියෙ ඉඳල බම්බලපිරියට තියෙන දුර කිලෝමීටර් හයක්. ඒත් ඒ දුර උදේට හවසට වාහනේක යන්න ගතවෙන කාලය අඩුම වශයෙන් විනාඩි හතලිස් පහක්. එහෙම නැත්නම් පැයක් හෝ ටිකක් වැඩියෙන්

ඉතිං අපි හැමෝම උදේය එක පිටිපස්සෙ එකා පාරෙ වේලි වේලි ඉඳලා වැඩට යනවා. හවසත් ඒ විදියටම ගෙදර යනවා. පහු වෙනිදත් උදේ පාන්දරම නැගිටලා ඒ විදියටම පැය ගාණක් තිස්සෙ එකා පිටිපස්සෙ එකා වැඩට යනවා. කවුරුවත් විසඳුමක් දෙන්නෙත් නෑ. අපි ගණං ගන්නෙත් නෑ

මේක රටකට සරළ තත්ත්වයක් නෙමෙයි. මේ විදියට නිස්කාරනේ විනාස වෙලා යන්නෙ රටේ ජාතික ධනය. කාලය. කොහොමටත් වෙලාවට වැඩට ගියා කියලත් වෙනසක් නොවෙන ස්ට්‍රයික් පිකට් කර කර වයසට යන කට්ටිය නං වෙලාවට වැඩට ගියාය පාරෙ හිටියාය කියලත් වෙනසක් නැති වෙන්න පුලුවං. ඒත් පුද්ගලික අංශයේ ගොඩක් අයගෙ තත්ත්වය වෙනස්. අවම වශයෙන් මාසෙකට රුපියල් හැටදාහක වැටුපක් ලබන කෙනෙක් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ඊට වඩා බොහොම වැඩී. එහෙම කෙනෙක් පැය කිහිපයක් මහපාරෙ වාත වෙනවා කියන්නෙ ජාතික ආර්ථිකයට අහිමි වෙන්නේ රුපියල් දහස් ගණනක මුදලක්

ඉතිං මොකක්ද මේකට තියෙන විසඳුම. මේකට තියෙන සරළම විසඳුම තමයි පොදු ප්‍රවාහණය ශක්තිමත් කිරීම. ඒ කියන්නෙ. පාරෙ  ලොකු ඉඩක් අහුරගෙන එක්කෙනෙක් එක වාහනේක යනවට වඩා ගොඩක් දෙනෙක් එක වාහනේක යන විදියෙ පොදු ප්‍රවාහණයකට යන එක. මේක ගොඩක් දෙනෙකුට තේරෙන සරළ විසඳුමක්. ඒත් එක්කම අධ්‍යාපනය සෞඛ්‍යය පෞද්ගලීකරණයට විරුද්ධ වෙන අයත් ඒකට එරෙහිව තුරුම්පුවක් විදියට පාවිච්චි කරන දෙයක් තමයි ප්‍රවාහණය පෞද්ගලීකරණය කරලා හරි හමං ප්‍රතිඵලයක් ලැබුණාද කියන එක. ඇත්තටම එහෙම විසඳුමක් ලැබිලා නෑ. මොකද විසඳුමක් ලැබිලා නං මරන්න ගෙනියන හරක් කුකුලන් ප්‍රවාහනයට පවා නීති තියෙන රටක ප්‍රයිවට් බස් එකක ෆුට්බෝඩ් එකේ පොල්ලෙ එල්ලිලා බඩ් ගාඩ් එකට කකුල තියාගෙන යන්න වෙන්නෙ නෑ

ඉතිං කොහෙද එහෙමනම් ගැටලුව තියෙන්නෙ. ඇත්තටම පොදු ප්‍රවාහණ සේවා වල අද තියෙන මේ අවුල් ටික තියෙන්නෙ ඒවා පෞද්ගලීකරණය කරපු නිසා නෙමෙයි. ප්‍රයිවට් බස් එකක් විනාඩි දහය පහළොවක් එක හෝල්ට් එකක නවත්තගෙන පැය ගණන් කොට කොට ඉන්නව වුණාට එහෙම නොවෙන්න බස් එකක් තමුන්ගෙ ටර්න් එක ඉවර කරන්න නියමිත නිශ්චිත වෙලාවක් තියෙනවා. බස් එකක උපරිම පටවන්න පුලුවන් මගීන් ගාන ගැන නිශ්චිත එකඟතා තියෙනවා. ඒවා හරිහැටි ක්‍රියාත්මක වෙනවාදැයි කියල බලන්න පාර් හිඟාකන යාචකයාගේ ඉඳලා ඔබේත් මගේත් බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා

ඒත් බදු මුදලින් නඩත්තු වෙන එක ඇරුණාම ඒ අයගෙං කිසිම සේවයක් රටට වෙන්නෙ නෑ. උපරිම මගීන් ප්‍රමාණයට වඩා පටවාගෙන යාමේ වරදට දඬුවම් ලබපු බස් හිමියන් ගැන අපි කවුරුවත් කවදාවත් අහල නෑ. ඒ මොකද කියනව නං බස් එකකට පටවගෙන යන්න පුලුවං උපරිම මගීන් ගණනක් තියෙන බවට අපි දන්නෙත් නෑ. ඒ තරමටම ඒක සාමාන්‍යකරණය වෙලා

සාමාන්‍යයෙං කඩුවෙල කඩවත මහරගම මොරටුව වගේ පැති වල ඉඳලා කොළඹට වාහනේක එන කෙනෙක් දවසකට රුපියල් දාහක එක්දාස් පන්සීයක තෙල් පුච්චනවා. එහෙම කෙනෙකුට තමුංගෙ ගෙදර ළඟින් ඒසී බස් එකක නැගලා ඔෆිස් එක ළඟින් බැහැලා ආපහු එන්න පුලුවං නම් රුපියල් තුන් හාරසීයක් වියදං වුනත් ඒක ගොඩක් ලොකු ලාභයක්. ඒකෙං අර පාරෙ තියෙන වාහන කිහිපයකුත් අඩු කරන්න පුලුවං නම් ඒක අර වාහන තදබදයටත් හොඳ විසඳුමක්. ඒත් දැනට ක්‍රියාත්මක වෙන 177, 190 වගේ ඒසී බස් වලවත් සීට් එකක වාඩි වෙලා යන්න ලේසියෙන් පුලුවං කමක් ලැබෙන්නෙ නෑ. නීතිය අනුවම ඒ බස් වල ආසන ගණනට වඩා සෙනග පටවන්න බැරි වුණත් අර අපේ බදු මුදලින් නඩත්තු වෙන මේවා ගැන හොයල බලන එක රස්සාව වෙච්චි රාජ්‍යැ නිලධාරීන් කවුරුවත් මේ ගැන ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඉතිං ප්‍රවාහණය සම්බන්ධ ගැටලු වලින් වැඩි හරියක් තියෙන්නෙ පුද්ගලීකරණය කිරීමෙ නෙමේ. රාජ්‍ය අංශය නිසි පරිදි තමුංගේ “මොනිටර්” කිරීමේ රාජකාරිය මගහැරීමේ

දැං කෙනෙක් අහන්න පුලුවං ඉතිං ඔච්චර මිනිස්සු හිටගෙන යන්නෙ නැති තරමට පාරට බස් දාන්න බස් කොහෙද තියෙන්නෙ කියලා. බස් තියෙනවා. අවස්ථාව දෙනවා නං බස් අරං පාරට දාන්න කැමති පුද්ගලික ව්‍යවසායකයෝ ඕනෙ තරං ඉන්නවා. ඒත් ගැමුණුගෙ බස් මාෆියාව ඒකට ඉඩ දෙන්නෙ නෑ. අලුතෙං බස් එකකට පර්මිට් දෙනවා කියපු ගමං ස්ට්‍රයික් කරන්න පටං ගන්නවා. තියෙන බස් වල මඩ් ගාඩ් එකට කකුල තියා ගෙන යන්න තරං සෙනග හිටියත් ඒක වෙනස් වෙන්නෙ නෑ. එහෙම තමයි ලංකාවෙ වැඩ වෙන්නෙ. ඕනෙ බූරුවෙකුට පුලුවං මොකක් හරි විරෝධතාවයක් කරලා මිනිස්සුන්ට යහපතක් වෙන එක නවත්තන්න

ඉතිං එහෙම දේවල් ලෝකෙ මීට කලිං සිද්ධ වෙලා තියෙනවද?? ඔව්, ඕනෙ තරං. හොඳම උදාහරණයක් තමයි මේ උඩිං තියෙන පින්තූරෙ දකුණු පැත්තෙ ඉන්න Brian Souter. බ්‍රයන් කියන්නෙ උපතින් කෝටිපතියෙක් නෙමෙයි. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය බස් රථ රියැදුරෙකුගෙ පුතෙක්. වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ පාට් ටයිම් ජොබ් එකට බස් වල කොන්දොස්තර කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්. කාලෙකදි බ්‍රයන්ට තේරෙනවා ස්කොට්ලන්ඩ් ඉඳලා ලන්ඩන් වලට කෙලින්ම එන්න සුඛෝපභෝගී බස් එකක් නැති නිසා මිනිස්සු ගොඩක් අමාරුවෙං වගේම්  වැඩිපුර වියදම් කරගෙන තමුංගෙ පුද්ගලික වාහන වලින් ඒ ගමන යනවා කියලා. ඉතිං බ්‍රයන් කරන්නෙ එයාගෙ තාත්තගේ අර්ථසාධක මුදලෙන් අක්කගෙන් ඉල්ල ගත්තු මුදල් වලින් සහ ණයට ගත් මුදල් වලින් බස් එකක් අරං ඒ වැඩේ වෙනුවෙන් පාරට දානවා. අලුතෙං බස් පර්මිට් දෙනකොට මරාගෙන මැරෙන්න පිකට් කරන්න හදන බස් ගැමුණුලා එහේ නැති නිසා වැඩේට ලොකු අමාරුවක් වෙන්නෙ නෑ.

ඉතිං ඒ බ්‍රයන් තමයි අද ලෝකප්‍රකට Stagecoach  බස් සමාගමේ හිමිකරු. අයර්ලන්තෙ ඉඳලා ලන්ඩන් යන අය විතරක් නෙමේ ලෝකෙ පුරා විවිධ රටවල් වල අය තමුංගෙ පුද්ගලික වාහන ගෙවල් වල තියලා තෙල් වියදමට වඩා අඩු වියදමකිං බ්‍රයන්ගෙ බස් වලින් ගමනාගමනය සිදු කරනවා

ඒ වුනාට ඉතිං බොරුවට බලාපොරොත්තු තියා ගන්න එපා. එහේ එහෙම වුනාට මෙහේ එහෙම වෙන්නෙ නෑ

Advertisements

One thought on “බස් ගැමුණුයි ඔබයි මමයි

  1. ස්ටේජ්කෝච් බ්‍රිතාන්‍යයේ දෙවෙනියට විශාල ප්‍රවාහන සේවය. අපිට වෙලා තියෙන්නේ නිසි නියාමනයක් නැතිකම සහ ගැමුණු යනු දුටුගැමුණු යයි සිතා සිටීම. ඕක තමයි අපිට වරදින තැන.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )