ධනවාදය හතර ගාතෙන් දණ ගස්සවන වාමාංශික අභිමානය

ටික දවසකට කලියෙං සයිබර් අවකාශයේදී ධනවාදය සහ සමාජවාදය අතර වෙනස්කම් ගැන කෙරුණ සංවාදයකදී තමුංගෙ ජීවිතේ වටිනාම තරුණ කාලය තමන්ටත් රටටත් නැතුව නිස්කාරණේ විහිලු විකාර සමාජ ව්‍යාපාරයන් වෙනුවෙන් ගත කරලා අදටත් හරිහමං ආර්ථික ස්ථාවර බවක් නැති වාමාංශික මිතුරෙක් මෙන්න මේ වගේ අභිමානවත් ඝර්ජනාවක් කලා

“ධනවාදය වෙනුවෙන් පෙනී ඉන්න උඹලට වඩා හෙණ සීරියස් පොරවල් එක්කලා මම ගේම ඉල්ලලා ෆ්ලැට් කරලා දාලා තියෙනව කියල උඹත් හොඳටම දන්නවනේ” කියලා. මේක දැකලා මගෙං දෙතුන් දෙනෙක් ම “මූ මොකක් ගැනද මේ කියන්නෙ” කියලා ඇහුවා. කතාව ඇත්ත

ඕක වෙන්නෙ මෙහෙමයි. දැං ඔය සයිබර් හෝ වෙබ් අඩවි සංවාදයකදී හරි එහෙමත් නැත්නම් කොළඹ කේන්ද්‍රීය දැනුම් ව්‍යාපෘතියකදි හරි කවුරුහරි කෙනෙක් කිවුවොත් ධනවාදය මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් වඩා යහපත් දේ ලෝකෙට බිහි කරල තියෙනවාය කියලා මේ කට්ටිය දාස් කැපිටාල් එකේ කොමියුනිස්ට් ප්‍රකාශණේ ඉඳලා ඒ ගොල්ලො වනපොත් කරපු පොත් පත් ඔක්කොගෙම න්‍යාය ටික අරගෙන ගිහිං අර අදහසට විරුද්ධව දැනුම පරසක්වල ගහනවා.  අර ධනවාදය ගැන මුලින්ම අදහස ඉදිරිපත් කරපු මනුස්සයා ඒ ආතල් එක ඇති කියලා හිතුනට පස්සෙ ඒක නවත්තලා තමුන්ගෙ වැඩක්/ව්‍යාපාරයක් බලා ගන්න පටං ගන්නවා. කොහොමටත් ඉතිං තමුන්ට රටට වැඩක් තියෙන කීයක් හරි හම්බු කරං කාලා ආතල් එකේ ජීවත් වෙන මනුස්සයෙක් ඔය ඉඳලා හිටලා මොකක් හරි කේස් එකකදී සමාජවාදේ අවුල ගැන කිවුවොත් මිසක් ඉතිං පිස්සුවක් නැති කෙනෙක් වාමාංශික විහිළු කාරයොත් එක්ක වාද කරන්න යන්නෙ නෑ නේ.

ඉතිං දැං අර මනුස්සයා පහු වෙනිදා ඉඳලාම ආපහු තමුංගෙ වැඩ කටයුතු ටික කර ගෙන යනවා. අපේ වාමාංශික මිත්‍රයො ටික අර මනුස්සයා මතු කරපු ප්‍රශ්නෙට එක එක විදියේ ඇනෑලිසිස් කර කර රිප්ලයි දෙනවා. අර මනුස්සයා මේ පිස්සු යක්කුන්ට උත්තර දෙන්නෙ නැතුව තමුංගෙ වැඩක් බලා ගන්න කොට “හූ හූ උත්තර දෙන්න බෑ නේ. මහලොකුවට ආවා ධනවාදේ හොඳයි කියාගෙන. ඇද්ද පුක බිම ඇන ගත්තා” කියලා කොචෝක් දානවා. දාලා ආපහු ඊළඟට ධනවාදේ මොකක් හරි කොටසක් හොඳයි කියන කෙනෙක් ගාවට ගිහිං ඔය සීන් එකම රිපීට් කරනවා

එහෙම තමා ඉතිං ඒ ජීවිත ගත වෙන්නෙ. එකම එක අවුලකට තියෙන්නෙ අපරාදෙ ඉතිං තමුංගෙ ජීවිතත් ලස්සනට ගත කරන ගමං රටේ සංවර්ධනයටත් වැදගත් දායකත්වයක් දෙන්න පුලුවං බුද්ධිමත් තරුණ ජීවිත දෙලොවටම නැති ලොන්තපොල් දේශපාලන න්‍යායන්ට රැවටිලා ජීවිත කාළකණ්නි කර ගන්නවා මදිවට තමුං ගේ මතවාදී සාර්ථකත්වය ගැනත් බොරුවට ආඩම්බර වෙනවා

මේ වගේ ආටිකල් එකක් ලියන්න හිතුනෙම ඔය කියන සහෝදරායාම ඒ වගේම පෝස්ට් එකකදි කියපු ආතල්ම සමාජවාදී කතාවක් මතක් වෙලා. මේ සහෝදරයා කියනවා “පහුගිය දවස් වල ස්වීඩනයේ දිනක වැඩ කරන පැය ගාණ පැය අටේ සිට පැය හය දක්වා අඩු කලේ වැඩ කරන මිනිස්සුංගෙ යහපත වෙනුවෙන් නෙමේලු. පැය හයක් වැඩ කරන කොට පැය අටක් වඩ කරනවට වඩා මිනිස්සුංගෙ ඵලදායිතාවය වැඩි නිසා ලබා ගන්න පුලුවං සේවය වැඩීලු. ධනේෂ්වරය මිනිස්සුංගෙ ශ්‍රමය සූරා කන්නෙ ඒ විදියට” ලු

පැය අටේ වැඩමුරය පැය හය දක්වා අඩු කරන්නෙ මිනිස්සුන්ගෙ ඵලදායීතාවය වැඩි කරන්න බව ඇත්ත. ඒත් ඒකෙ ප්‍රතිලාභය වැඩ කරන මනුස්සයත් ලබනවා. වෙනදට පැය අටක් තිස්සෙ කන්තෝරුවට වෙලා වැඩ කරන කෙනෙක් පැය හයෙන් ඉක්මණට ඒ වැඩ ටික ඉවර කරලා ගෙදර ගිහිං තමුංගෙ දෙයක් බලා ගන්නවා. ධනවාදය වැඩ කරන්නෙ එහෙම තමයි. ඒකට කියන්නෙ වින් වින් සිටුවේෂන් එකක් කියලා. දෙපැත්තම දිනුම්. හැබැයි ඉතිං අපේ වාමාංශික සහෝදරයොන්ට හිතෙන්නෙ ඒකත් සූරාකෑමක් හැටියට. මොනා කරන්නද ඉතිං. නොමග ගියාට කවුරුහරි අම්මෙක් තාත්තෙකුගෙ දරුවො නේ

ඉතිං මචං දැං ඔය හූරා කෑමට විරුද්ධව උඹලගෙ ක්‍රමේට ස්වීඩන් වල මිනිස්සු පිකට් කරනව නං සටන් පාඨ වෙන්න ඕනෙ “අපේ ශ්‍රමය හූරා කන පැය හයේ වැඩ මුරය වෙනස් කරවු, පැය අටේ වැඩ මුරයම අපට දියවු” කියලාද අහන්න හිතුනත් ඔන්නොහෙ තේරුමක් නෑ නෙ කියල හිත හදා ගත්තා.

 


4 thoughts on “ධනවාදය හතර ගාතෙන් දණ ගස්සවන වාමාංශික අභිමානය

  1. //ඉතිං මචං දැං ඔය හූරා කෑමට විරුද්ධව උඹලගෙ ක්‍රමේට ස්වීඩන් වල මිනිස්සු පිකට් කරනව නං සටන් පාඨ වෙන්න ඕනෙ “අපේ ශ්‍රමය හූරා කන පැය හයේ වැඩ මුරය වෙනස් කරවු, පැය අටේ වැඩ මුරයම අපට දියවු” කියලාද අහන්න හිතුනත් ඔන්නොහෙ තේරුමක් නෑ නෙ කියල හිත හදා ගත්තා.// එළ කතාව.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න