ජවිපෙ නාමල් සහ ජැක් මා

මේ කියන්න යන්නේ ඔබ දන්න කෙනෙක් ගැන නොහිතපු පැත්තක් සහ නොදන්න කෙනෙක් ගැන දැන ගත යුතු කතාවක්

මෙහි වම්පස පින්තූරයෙන් දැක්වෙන්නේ ඔබ හොඳින් දන්නා ජවිපෙ කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාය. ඔබ දන්නා හොඳින් පරිදිම නාමල් කරුණාරත්න යනු විශේෂයෙන්ම ගොවි ජනතාව ඇතුළු දුප්පත් මිනිසින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අපූරු සටන් කරුවෙකි. වරෙක පොහොර සහ වෙනත් දෑ නිසි ලෙස ගොවියන්ට නොලැබීමට එරෙහිවද්, ජලය බෙදා හැරීමේ ගැටළු වලට එරෙහිවද ඔහු ආණ්ඩුවට පාලකයන්ට එරෙහිව සටන් වදී.

නාමල් සහෝදරයාගේ තීරණාත්මකම සටන බොහෝ විට ඇත්තේ සහල් මාෆියාවට එරෙහිවය. ලංකාවේ සහල් මාෆියාව යනු අද වනවිට රාජ්‍ය බලයට පවා තීරණාත්මක බලපෑමක් කල හැකි තැනට වර්ධනය වෙමින් පවතින එකකි. සහල් මාෆියාව යනු වෙළෙන්දන් කිහිප දෙනෙකු අතර පවතින ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම අසරණ කරවන සහල් වෙළෙඳාමේ අතරමැදියන්ගේ වෙළෙඳාමයි.ඈත අනුරාධපුර පොළොන්නරුවෙඋ ගොවියන්ගේ මාස ගණනක මහන්සිය වූ වී කිලෝව රුපියල් 16ට 17ට මිලදී ගන්නා මේ සහල් මාෆියාව එම සහල් රට පුරා අනෙක් පළාත්වල අලෙවි කරන්නේ රුපියල් 100 ටය. පරතරය අති විශාලය. නාමල් කරුණාරත්න යනු මේ අසාධාරණයට එරෙහිව දිගින් දිගටම පෙනී ඉන්නා මිනිසුන් කිහිප දෙනාගෙන් එක් අයෙකි

මෙහි දකුණු පසින් සිටින්නේ චීන ජාතික ව්‍යාපාරික ජැක් මා ය. එහෙමත් නැත්නම් අප කවුරුත් දන්නා Alibaba.com වෙබ් අඩවියේ නිර්මාතෲ වරයා ය. ඔහු බිලියන්පති ධන කුවේරයකු බවට පත් වූයේ ලොව පුරා සිටින විවිධ භාණ්ඩ වල නිෂ්පාදකයන් සියවස් ගණනක් තිස්සේ මුහුණ දුන් ගැටළුවක් වූ අතරමැදියන් හට අනවශ්‍ය ලෙස අධික මිලක් ගෙවන්නට වීමේ ගැටළුවට විසඳුමක් ලබා දීමෙනි.

ඔබ, උපන් දින සුබපැතුම් පතක සිට සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් දක්වා ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්නෙක් නම් අද වෙද්දී ඒවා ඔබේ අවසන් පාරිභෝගිකයාට විකිණීම සඳහා අතරමැදියෙකුට අනවශ්‍ය ලෙස දැවැන්ත කොමිස් මුදලක් ගෙවීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නැත. ඔබේ නිෂ්පාදනය ජැක් මාගේ Alibaba.com හෝ Ebay වැනි වෙනත් එවන් වෙබ් අඩවියක එම භාණ්ඩය සඳහා වටින මිලකට විකිණීමට යොමු කරන්නේ නම් එය මිලදී ගැනීමට ලොව පුරා පාරිභෝගිකයන් පෙළ ගැසී සිටිනු ඇත. වෙබ් අඩවියට ලියාපදිංචි ගාස්තු ලෙස ඔබට ගෙවීමට සිදු වන්නේ සාපේක්ෂව ඉතා සුළු මුදලක් පමණි

දැං අප සිතිය යුත්තේ ජැක් මා ගේ මැදිහත් වීමත් නාමල් සහෝදරයාගේ මැදිහත් වීමත් එකිනෙක ගැලපෙන්නේ කෙසේද යන්නයි. සිය ව්‍යාපාර හරහා තම නිෂ්පාදන පාරිභෝගිකයන්ට විකුණා ලෝකයට ප්‍රයෝජ්නවත් දෙයක් කරන්නට ජීවන අරගලය සඳහා වූ ඒ මිනිසුන්ගේ ගැටළු වලට විසඳුම් දෙන්නට ජැක් මා ට පුලුවන් වූවද නාමල් කරුණාරත්නට එහෙම පුලුවං කමක් නැත. ගිය කන්නයේ වී විකුනන්නට බැරි වෙනකොට ගොවි ජනතාව සමග පාරටවිත් දිවි පුදා හෝ සහල් මාෆියාව සුන්නද්ධූලි කර ගොවි ජනතාවට විමුක්තිය උදා කර දෙන බවට ශපථ කරයි. ඒ අවු අස්සේ වී මුදලාලිලා ඒ අහිංසක මිනිසුන්ගේ වී ටික කුණු කොල්ලයට හූරා ගත් පසුව නාමල් ටික කලකට ආගිය අතක් හොයා ගන්නට නැති වෙයි. ආපහු මේ කන්නයේ ගොයං කපන කාලයට එලියට විත් අපේ කැවුතු පීකුදු වලට පවා දැනෙන්නට අහිංසක හොවියන්ගේ වේදනාව වීඩියෝ කැමරා වලට වනපොත් කරන ඔහු මුදලාලිලා කුණු කොල්ලයට වී ටික මිලට ගත් පසුව අතුරුදන් වෙයි. ලබන කන්නයේද, ඊළඟ කන්නයේද ඊටත් පසු කන්නයේද සංසාර චක්කරය වගේ ඔය ටිකම නැවත නැවත සිදු වෙයි

මිලානෝ වලින් පැරිසියෙන් ලන්ඩනයෙන් රට ගැන බලාපොරොත්තු සහිතව හම්බු කරන කීයක් හෝ මුදලකින්වත් කොටසක් එවන මුදලක් එකතු කරලාවත් අඩුම ගණනෙ ගම් හතරකට පහකට වී මෝලක් අටවා දී සහල් පැකට් කර වෙළෙඳපොලට යවා තම නිෂ්පාදනයට වැඩි මිලක් ලබා ගෙන ගොවියා වැටී සිටින නරකාදියෙන් මුදා ගන්නට විදියක් ඒ අහිංසක මිනිස්සුන්ට කියා නොදෙයි. ඒ වෙනුවට කන්නයක් කන්නයක් ගානේ සහල් මාෆියාවේ ඒකාධිකාරය සීසී කඩ වෙන්නට කුඩු කර හැර වැඩි මිලක් ලබා ගන්නා විදිය ගැන ඒ අහිංසක මිනිසුන්ගේ අහිංසක හිත් වංචාකාරී බලාපොරොත්තුවක මායාවෙන් රවටයි.

දැං කවූරුහරි අහන්න පුලුවං මේවා ජවිපෙන් අහන්නෙ ඇයි ආණ්ඩු වලිං කරන්න ඕනෙ වැඩ නේද කියලා. පාලන බලය කියන්නෙ හැමදාමත් මාෆියාවල් වල බල අධිකාරයට යට වෙලා තිබුන ඒවා. ඒවායෙන් මිනිස්සු විඳින ගැටලු ඉවත් කරලා වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන සංකල්ප හදපු නිසා තමයි ජැක් මා ලා වටිනා මිනිස්සු වෙන්නෙ. පහුගිය දශක ගාණක් තිස්සෙ ලෝකෙ ලොකුම කොම්පැණිය ලෙසින් නම් වෙලා තිබුණ වෝල්මාට් එකට පවා උස්බෙකිස්ථානෙ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන තරුණයෙකුට පවා  මොරාල් හිමිකමක් තියෙන අලිබබා ඊබේ වගේ ඒවා තර්ජනයක් වෙලා තියෙන්නෙ ජැක් මා ලා වගේ වෙළෙඳපොල ආර්ථිකයට නව සංරචක හඳුන්වා දීපු මිනිස්සු මිසක් කාඩ්බෝඩ් කෑලි වල සහල් මාෆියාව කුඩු කරමු කියලා ලියා ගෙන ගොංපාට් දාන විහිළු කාරයො නෙමෙයි.

ඒත් නාමල් ලා කරන්නෙ ලංකාවෙ ඈත ගම් වල මිනිස්සු ඒ වගේ විකල්ප තනියම හරි හොයා ගන්න එකට වැට බැඳලා සුන්දර බලාපොරොත්තු වලින් ඒ අහිංසක මිනිස්සුන්ව රවටන එක. මේකෙ වාසිය යන්නෙත් ඉතිං සහල් මාෆියාවටම තමයි. මීනිස්සුන්ට තමුංගෙම වෙච්චි වෙළෙඳ විකල්පයක් හදන්න ඉඩ විවර නොවීම නිසා සහල් මාෆියාව හැමදාමත් වී කිලෝව රුපියල් දාහතට අරගෙන හාල් කිලෝව රුපියල් සීයට විකුණනවා. නාමල් කන්නයක් කන්නයක් ගානෙම හාල් මාෆියාව කුඩු පට්ටං කරන්න වහසි බස් දොඩනවා

තුවාලයක් කියන්නෙ හිඟන්නෙකුට සම්පතක්. මොකද තුවාලෙ හොඳ වුනාට පස්සෙ හිඟන්නාට ආදායම් මාර්ගයක් නැති වෙනවා. ගොවියොංගෙ කම්කරුවොංගෙ ප්‍රශ්න කියන්නෙ ජවිපෙට, වාමාංශිකයොන්ට මොන ක්‍රමේකිං හරි නඩත්තු කරන්න ඕනෙ වටිනා සම්පත්. මොකද ඒ ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් හම්බු වුන දවසට එයාලගෙ දේශපාලනේ අවසන් වෙනවා

Advertisements

One thought on “ජවිපෙ නාමල් සහ ජැක් මා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )